Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
You are here  : Home
Samurdhi Authority - Sri Lanka
Latest News
Tuesday, 15 July 2025 16:06

අඩු ආදායම් ලාභී ප්‍රජාව සවිබලගැන්වීම සඳහා සමෘද්ධි සුව බොජුන්හල් 100ක්

දිවයිනේ අඩු ආදායම් ලභී ප්‍රජාව සවිබලගැන්වීමේ වැඩසටහන් යටතේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව  මගින් ක්‍රියාත්මක සමෘද්ධි සුව බොජුන්හල් ව්‍යාපෘතිය සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

එක් සුව බොජුන්හලක් මගින් අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තාවන් දස දෙනෙකු (10) සඳහා ආදායම් අවස්තා හිමිවේ. ඒ අනූව දිවයිනේ 341ක් වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුල කාන්තාවන් 3410 දෙනෙකු සවිබලගැන්වීමට අපේක්ෂිතය. මෙමගින් මාසිකව එක් අයෙකුට රුපියල් 50000ක පමණ ආදායමක් උපයා ගැනීමට අවස්තාව සැලසෙනු ඇත.

මේවන විටත් සමෘද්ධි සුව බොජුන්හල් 20ක් ආරම්භකර ඇති අතර මේ වසරේ මාර්තු මාසය අවසන් වන විට එය 50 දක්වා ඉහල දැමීමට සැලසුම් කර ඇත. 2026 වසරේ සුව බොජුන්හල් 100ක් ස්තාපනය කිරීම අමාත්‍යාංශයේ ඉලක්කයයි.

මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් ව්‍යාපෘති කලමණාකරණ මහත්ම මහත්මීන් සමඟ හමුවක් ඊයේ (24) අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුනා. මෙම අවස්තාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, සමෘද්ධි සංවර්ධ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ( වෙළඳ ) සුසන්ත කිත්සිරි මහතා, ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියා.

 

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රජා මූල බැංකු මහා සංගමයේ නව වන වාර්ෂික මහා සම්මේලනය පසුගියදා බත්තරමුල්ල සුහුරුපාය  ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සමෘද්ධි ප්‍රජා මූල බැංකු සංගම් සභාපතිවරුන් හාරසියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

Facebook Link

 

    සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් ප්‍රජා මූල බැංකු මහා සංගමයේ නව වන වාර්ෂික මහා සම්මේලනය පසුගියදා බත්තරමුල්ල සුහුරුපාය  ප්‍රධාන ශ්‍රවණාගාරයේදී සමෘද්ධි ප්‍රජා මූල බැංකු සංගම් සභාපතිවරුන් හාරසියයකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි.

    Facebook Link

    News and Events

    Last Update: 26-02-2026.

     

    MORE