Sinhala (Sri Lanka)Tamil (Sri Lanka)
You are here  : Home
eSamurdhi Programme PDF Print E-mail
Written by Department of Samurdhi Development   
Thursday, 27 January 2011 10:17

eSamurdhi වැඩසටහන

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ සියලුම කාර්යයන් පරිගණකගත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා එක්ව මෙම වැඩසටහන අරඹා ඇත. මේ මගින් අඩු ආදායම්ලාභින් සවිබල ගැන්වීම සඳහා ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය විසින් සිදු කරනු ලබන සියලු කාර්යයන් ඉතා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා තොරතුරු තාක්ෂණය යොදා ගනිමින් සිදු වේ. මෙම වැඩසටහන මූලික අධියර 2ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


පළමු අධියර යටතේ,

ව්‍යාපෘති හා වැඩසටහන් කළමනාකරණය ( Project & Programming Management)
ප්‍රතිලාභි කළමනාකරණය (Customer Relationship Management)
මානව සම්පත් කළමනාකරණය (Human Resource Management)

යන පරිගණක වැඩසටහන් තුනක් නිර්මාණය කර ඒ ඒ කේෂ්ත්‍රයන්ගේ කටයුතු පරිගණකගත කරනු ලැබේ.

දෙවන අධියර යටතේ,
ස්ථාවර වත්කම් කළමනාකරණය (Fixed Assets Management)
මුල්‍ය කළමනාකරණය (Financial Accounts Management)
අරමුදල් කළමනාකරණය (Fund Management System)
තොග කළමනාකරණය (Inventory Management System) යන පරිගණක වැඩසටහන් සකස් කිරීමට නියමිතය.

ව්‍යාපෘති හා වැඩසටහන් කළමනාකරණය (Project & Programming Management)
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය විසින් වාර්ෂිකව සිදු කරනු ලබන යටිතල පහසුකම් ව්‍යාපෘති, ආදායම් උත්පාදන ව්‍යාපෘති හා සමාජ හා අධ්‍යාත්මක සංවර්ධන ව්‍යාපෘති මෙම පරිගණක වැඩසටහන මගින් කළමනාකරණය කරනු ලැබේ. සිදු කරනු ලබන සියලු ව්‍යාපෘති පිළිබඳ තොරතුරු පරිගණක වැඩසටහන් වෙත ඇතුලත් කරනු ලැබේ. මෙය කලාප මට්ටමින් හෝ ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කල හැකිය. මෙසේ ඇතුලත් කරනු ලබන ව්‍යාපෘති පිළිබඳ තොරතුරු වලට අනුමැතිය දීම අදාල මුදල් නිදහස් කිරීම හා ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අනුමැතිය දීම යන සියලු කාර්යයන් මෙම පරිගණක මෘදුකාංගය තුලින් සිදුකර ගත හැකිය. මේ මගින් ලිපි ලේඛන හා ගොනු භාවිතය ඉතා අවම වන අතර, කඩිනමින් ව්‍යාපෘති ඇරඹිමට හැකිවනු ලැබේ.

ප්‍රතිලාභි කළමනාකරණය (Customer Relationship Management)
මෙම වැඩසටහන මගින් සියලු සමෘද්ධි ප්‍රතිලාභි මෙන්ම අඩු ආදායම්ලාභි පවුල් වල තොරතුරු පරිගණකගත කිරීමට අදහස් කර ඇත. ඒ ඒ පවුල් වල වර්ථමාන තත්වය, සමෘද්ධි ව්‍යාපාරය සමඟ සම්බන්ධ වී සිදු කර ඇති ව්‍යාපෘති, ලබා ගෙන ඇති බැංකු ණය වැනි සියලු තොරතුරු ඇතුලත් කරනු ලැබේ. මේ මගින් අදාල ප්‍රතිලාභියාගේ පවුල් තත්ත්වය වර්ධනය වන ආකාරය ඔවුනගේ ව්‍යාපෘති වර්ධනය යන තොරතුරු ඇතුලත් කිරීමට බලාපොරොත්තු වේ.


මානව සම්පත් කළමනාකරණය (Human Resource Management)

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය තුල සේවයේ නියතු නිලධාරින් සංඛ්‍යාව 25000ක් පමණ වේ. මෙම නිලධාරීන්ගේ තොරතුරු සියල්ල වෙන වෙනම පුද්ගලික ගොනු 25000 ක් තුල දැනට පවත්වාගෙන යනු ලැබේ. ඉතා කාර්යක්ෂමව මෙම පුද්ගලික තොරතුරු  මෙහෙයවීම හා අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා සේවකයින් ගේ සියලු  තොරතුරු පරිගණකගත කිරීමක් මෙම HRM මොඩුයුලය මගින් සිදු කිරීමට කටයුතු යොදා ඇත.

මෙම eSamurdhi ව්‍යාපෘතිය සියලු මෙහෙයවීම් කටයුතු ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ සන්නිවේදන නියෝජිතායතනය ICTA විසින් සිදු කරනු ලැබේ. මෙය ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය අංශ ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩසටහනකට අනුබද්ධව ක්‍රියාත්මක වේ.

Last Updated on Thursday, 27 January 2011 10:40